සංඛ්‍යා රටා

පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල සංඛ්‍යා රටා පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • සංඛ්‍යා රටාවල ඇති සංඛ්‍යා පද ලෙස හැඳින්වීම
  • සංඛ්‍යා රටා, සංඛ්‍යා අනුක්‍රම ලෙස හැඳින්වීම
  • සංඛ්‍යා රටාවල එක ලඟ පිහිටන පද, අනුයාත පද ලෙස හැඳින්වීම
  • සංඛ්‍යා අනුක්‍රමවල පළමු පදය හැර ඕනෑම පදයකින් ඊට පෙර පදය අඩු කල විට ලැබෙන අගය වෙනස් නොවන බව හැඳින්වීම
  • සංඛ්‍යා අනුක්‍රමවල පළමු පදය හැර ඕනෑම පදයකින් ඊට පෙර පදය අඩු කල විට ලැබෙන වෙනස් නොවන අගය පොදු අන්තරය ලෙස හැඳින්වීම
  • සංඛ්‍යා රටාවක සාධාරණ පදය 𝑇ₙ ලෙස හැඳින්වීම
  • සාධාරණ පදයේ 𝑛 ධන නිඛිලයක් විය යුතු බව හැඳින්වීම
  • සංඛ්‍යා රටාවක සාධාරණ පදය දී ඇති විට, සංඛ්‍යා රටාවේ ඕනෑම පදයක් ලබා ගන්නා ආකාරය සාකච්ඡා කිරීම
  • සංඛ්‍යා රටාවක සාධාරණ පදය දී ඇති විට, දී ඇති පදයක් සංඛ්‍යා රටාවේ පදයක් නොවීමට සැපිරිය යුතු අවශ්‍යතාවය සාකච්ඡා කිරීම
  • සංඛ්‍යා රටාවක කිසියම් පදයක් දී ඇති විට එය රටාවේ කී වැනි පදය දැයි ගණනය කරන ආකාරය සාකච්ඡා කිරීම
  • සංඛ්‍යා රටාවක් දී ඇති විට සාධාරණ පදය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්නා ආකාරය සාකච්ඡා කිරීම
  • සංඛ්‍යා රටා සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • පද - Terms
  • පෙර පදය - Previous term
  • සංඛ්‍යා අනුක්‍රම - Number sequences
  • අනුයාත පද - Consecutive terms
  • නියත අගය - Constant value
  • පොදු අන්තරය - Common difference
  • සාධාරණ පදය - General term
  • ධන නිඛිල - Positive integer
  • ප්‍රකාශනය - Expression

Tags