ත්‍රිකෝණමිතිය

පාසැල් විෂය නිර්දේශයේ 11 ශ්‍රේණියට අදාල ත්‍රිකෝණමිතිය පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • ඍජුකෝණික ත්‍රිකෝණයක කිසියම් කෝණයකට සාපේක්ෂව සම්මුඛ පාදය හා බද්ධ පාදය හැඳින්වීම
  • ඍජුකෝණික ත්‍රිකෝණයක කර්ණය හැඳින්වීම
  • කිසියම් කෝණය සඳහා ටැංජන අනුපාතය "සම්මුඛ පාදය" / "බද්ධ පාදය" බව හැඳින්වීම
  • කිසියම් කෝණය සඳහා සයින අනුපාතය "සම්මුඛ පාදය" / "කර්ණය" බව හැඳින්වීම
  • කිසියම් කෝණය සඳහා කෝසයින අනුපාතය "බද්ධ පාදය" / "කර්ණය" බව හැඳින්වීම
  • ටැංජන, සයින හා කෝසයින අනුපාත සම්බන්ධ ගැටලු විසඳීම
  • විශාලත්වය 60⁰ වන කෝණයේ ටැංජන, සයින හා කෝසයින අනුපාත සමපාද ත්‍රිකෝණයක් ඇසුරෙන් ලබා ගන්නා ආකාරය හැඳින්වීම
  • විශාලත්වය 30⁰ වන කෝණයේ ටැංජන, සයින හා කෝසයින අනුපාත සමපාද ත්‍රිකෝණයක් ඇසුරෙන් ලබා ගන්නා ආකාරය හැඳින්වීම
  • විශාලත්වය 45⁰ වන කෝණයේ ටැංජන, සයින හා කෝසයින අනුපාත සමද්විපාද ඍජුකෝණී ත්‍රිකෝණයක් ඇසුරෙන් ලබා ගන්නා ආකාරය හැඳින්වීම
  • 30⁰, 45⁰ හා 60⁰ වන කෝණවල ත්‍රිකෝණමිතික අනුපාත සම්බන්ධ ගැටලු විසඳීම
  • 1⁰ ක් කලා 60 කට (60') සමාන බව හැඳින්වීම
  • ටැංජන වගුවේ පරාසය සහ ටැංජන වගුව ඇසුරෙන් කිසියම් කෝණයකට අදාල ටැංජන අනුපාතය ලබා ගන්නා ආකාරය හැඳින්වීම
  • දී ඇති ටැංජන අනුපාතයකට අදාල කෝණය ටැංජන වගුව ඇසුරෙන් ලබා ගන්නා ආකාරය හැඳින්වීම
  • සයින වගුවේ පරාසය සහ සයින වගුව ඇසුරෙන් කිසියම් කෝණයකට අදාල සයින අනුපාතය ලබා ගන්නා ආකාරය හැඳින්වීම
  • දී ඇති සයින අනුපාතයකට අදාල කෝණය සයින වගුව ඇසුරෙන් ලබා ගන්නා ආකාරය හැඳින්වීම
  • cos⁡ 𝜃 = sin⁡( 90⁰−𝜃) සම්බන්ධතාවය ඇසුරෙන් කිසියම් කෝණයකට අදාල කෝසයින අනුපාතය සයින වගුවෙන් ලබා ගන්නා ආකාරය හැඳින්වීම
  • cos⁡ 𝜃 = sin⁡( 90⁰−𝜃) සම්බන්ධතාවය ඇසුරෙන් දී ඇති කෝසයින අනුපාතයකට අදාල කෝණය සයින වගුව ඇසුරෙන් ලබා ගන්නා ආකාරය හැඳින්වීම
  • කෝසයින වගුව ඇසුරෙන් කිසියම් කෝණයකට අදාල කෝසයින අනුපාතය ලබා ගන්නා ආකාරය හැඳින්වීම
  • දී ඇති කෝසයින අනුපාතයකට අදාල කෝණය කෝසයින වගුව ඇසුරෙන් ලබා ගන්නා ආකාරය හැඳින්වීම
  • ත්‍රිකෝණමිතික වගු භාවිතයෙන් සයින, කෝසයින හා ටැංජන සම්බන්ධ ගැටලු විසඳීම
  • සිරස් තලයේ කෝණ යටතට ආරෝහණ කෝණ සහ අවරෝහණ කෝණ ගැනෙන බව හැඳින්වීම
  • සිරස් තලයේ කෝණ සම්බන්ධ ගැටලුවකදී දළ රූප සටහනක් ඇඳ අදාල ත්‍රිකෝණමිතික අනුපාත තෝරාගෙන දී ඇති දුරක් ගණනය කරන ආකාරය සාකච්ඡා කිරීම
  • සංඛ්‍යාවක් කිසියම් සංඛ්‍යාවකින් බෙදීමේදී ලඝුගණක වගු භාවිතා කිරීම පහසු බව පැහැදිලි කිරීම
  • තිරස් තලයේ කෝණ යටතට දිගංශය ගැනෙන බව හැඳින්වීම
  • තිරස් තලයේ කෝණ සම්බන්ධ ගැටලුවකදී දළ රූප සටහනක් ඇඳ අදාල ත්‍රිකෝණමිතික අනුපාත තෝරාගෙන දී ඇති දුරක් ගණනය කරන ආකාරය සාකච්ඡා කිරීම
  • ත්‍රිකෝණමිතිය සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • සමද්විපාද ත්‍රිකෝණ - Isosceles triangles
  • කෝණයට සම්මුඛ පාදය - Side opposite to the angle
  • විශාලත්වය - Magnitude
  • ත්‍රිකෝණය - Triangle
  • ඍජුකෝණය - Right angle
  • ඍජුකෝණී ත්‍රිකෝණය - Right angled triangle
  • කර්ණය - Hypotenuse
  • පයිතගරස් සම්බන්ධය - Pythagorean relation
  • සම්මුඛ පාදය - Opposite side
  • බද්ධ පාදය - Adjacent side
  • ටැංජනය - Tangent (tan)
  • සයිනය - Sine (sin)
  • කෝසයිනය - Cosine (cos)
  • සත්‍යාපනය කරන්න - Verify
  • ටැංජන වගුව - The Tangents Table
  • සයින වගුව - The Sines Table
  • අරෝහණ කෝණය - Angle of elevation
  • අවරෝහණ කෝණය - Angle of depression
  • ඇස් මට්ටම - eye level
  • දළ රූප සටහන - A rough sketch
  • දිශාව - Direction
  • කෝණය - Angle
  • දුර - Distance
  • උතුර - North
  • නැගෙනහිර - East
  • බස්නාහිර - West
  • උස - Height
  • දිගංශය - Bearing
  • දක්ෂිණාවර්ත - Clockwise

Tags