වෘත්තයක කෝණ

පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල වෘත්තයක කෝණ පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • සුළු චාපය සහ මහා චාපය හැඳින්වීම
  • සුළු චාපය මඟින් වෘත්තයේ කේන්ද්‍රය මත ආපාතනය කෙරෙන කෝණය සහ මහා චාපය මඟින් වෘත්තයේ කේන්ද්‍රය මත ආපාතනය කෙරෙන කෝණය හැඳින්වීම
  • මහා චාපය මඟින් වෘත්තයේ කේන්ද්‍රය මත ආපාතනය කෙරෙන කෝණය නම් කිරීමේදී වරහන් තුල "පරාවර්ත" ලෙස ලිවිය යුතු බව හැඳින්වීම
  • සුළු චාපයක් මඟින් වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කෙරෙන කෝණය සහ මහා චාපයක් මඟින් වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කෙරෙන කෝණය හැඳින්වීම
  • වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කෙරෙන කෝණය, වෘත්තයේ පරිධිය මත ආපාතනය කෙරෙන කෝණය ලෙස ද හඳුන්වන බව
  • "වෘත්ත චාපයක් මගින් වෘත්තයේ කේන්ද්‍රය මත ආපාතනය කෙරෙන කෝණය එම චාපය මගින් වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කෙරෙන කෝණය මෙන් දෙගුණයකි" යන ප්‍රමේයය හැඳින්වීම
  • "වෘත්ත චාපයක් මගින් වෘත්තයේ කේන්ද්‍රය මත ආපාතනය කෙරෙන කෝණය එම චාපය මගින් වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කෙරෙන කෝණය මෙන් දෙගුණයකි" යන ප්‍රමේයය විධිමත්ව සාධනය කිරීම
  • "වෘත්ත චාපයක් මගින් වෘත්තයේ කේන්ද්‍රය මත ආපාතනය කෙරෙන කෝණය එම චාපය මගින් වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කෙරෙන කෝණය මෙන් දෙගුණයකි" යන ප්‍රමේයය සම්බන්ධ උදාහරණ සාකච්ඡා කිරීම
  • මහා වෘත්ත ඛණ්ඩය සහ සුළු වෘත්ත ඛණ්ඩය හැඳින්වීම
  • එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ හැඳින්වීම
  • "වෘත්තයක එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ" යන ප්‍රමේයය හැඳින්වීම
  • "වෘත්තයක එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ" යන ප්‍රමේයය විධිමත්ව සාධනය කිරීම
  • "වෘත්තයක එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ" යන ප්‍රමේයය සම්බන්ධ උදාහරණ සාකච්ඡා කිරීම
  • අර්ධ වෘත්තයේ කෝණ හැඳින්වීම
  • "අර්ධ වෘත්තයේ කෝණය ඍජුකෝණයක් වේ" යන ප්‍රමේයය හැඳින්වීම
  • "අර්ධ වෘත්තයේ කෝණය ඍජුකෝණයක් වේ" යන ප්‍රමේයය විධිමත්ව සාධනය කිරීම
  • "අර්ධ වෘත්තයේ කෝණය ඍජුකෝණයක් වේ" යන ප්‍රමේයය සම්බන්ධ උදාහරණ සාකච්ඡා කිරීම
  • වෘත්තයක කෝණ සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • සුළු චාපය - Minor arc
  • මහා චාපය - Major arc
  • කේන්ද්‍රය මත ආපාතනය කෙරෙන කෝණය - Angle subtended by an arc at the centre
  • පරාවර්ත කෝණය - Reflex angle
  • වෘත්තයේ ඉතිරි කොටස මත ආපාතනය කෙරෙන කෝණය - Angle subtended by an arc on the remaining part of the circle
  • වෘත්තයේ පරිධිය මත ආපාතනය කෙරෙන කෝණය - Angle subtended by an arc on the circumference of a circle
  • ප්‍රමේයය - Theorem
  • විධිමත් සාධනය - Formal proof
  • මහා වෘත්ත ඛණ්ඩය - Major segment
  • සුළු වෘත්ත ඛණ්ඩය - Minor segment
  • එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ - Angles in the same segment
  • අර්ධ වෘත්තයේ කෝණ - Semicircle
  • විශාලත්වය - Magnitude
  • අරයයන් - Radii
  • සමද්විපාද ත්‍රිකෝණය - Isosceles triangle
  • බාහිර කෝණය - Exterior angle
  • අභ්‍යන්තර සම්මුඛ කෝණය - Interior opposite angle
  • ත්‍රිකෝණය - Triangle
  • ඒකාන්තර කෝණ - Alternate angles
  • ඍජු කෝණය - Right angle
  • විශ්කම්භය - Diameter
  • ඡේදනය වන - Intersects

Tags