ප්‍රතිශත

පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල ප්‍රතිශත පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • බදු යනු ඕනෑම රටක පවත්නා රජයක් විසින් එම රටේ පුනරාවර්තන වියදම් පියවා ගැනීම සඳහා රටේ මහජනතාවගෙන් අය කරගන්නා මුදල් බව හැඳින්වීම
  • බදු අය කරගනු ලබන්නේ ප්‍රතිශතයක් ලෙස බව හැඳින්වීම
  • ඍජු බදු සහ වක්‍ර බදු ලෙස වර්ග දෙකක් ඇති බව හැඳින්වීම
  • වරිපනම් බදු, තීරු බදු සහ ආදායම් බදු ඍජු බදු බව හැඳින්වීම
  • එකතු කල අගය මත බදු වක්‍ර බදු බව හැඳින්වීම
  • මහා නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මගින් අදාළ බල ප්‍රදේශ තුල පිහිටා ඇති නිවාස,ඉඩකඩම් හා ව්‍යාපාරික ස්ථාන වලින අය කරන මුදල් වරිපනම් බදු බව හැඳින්වීම
  • වරිපනම් බදු සම්බන්ධ ගැටලුවක් විසඳන ආකාරය සාකච්ඡා කිරීම
  • වරිපනම් බදු අය කරගනු ලබන්නේ රජයේ තක්සේරු දෙපාර්තුමේන්තුව විසින් බව හැඳින්වීම
  • සමහර භාණ්ඩ ආනයනයේ දී සහ අපනයනයේදී එම භාණ්ඩවල වටිනාකමින් කොටසක් රජයට බදු ලෙස ගෙවන මුදල තීරු බදු බව හැඳින්වීම
  • තීරු බදු සම්බන්ධ ගැටලුවක් විසඳන ආකාරය සාකච්ඡා කිරීම
  • තීරු බදු අය කරගනු ලබන්නේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තුමේන්තුව විසින් බව හැඳින්වීම
  • යම් පුද්ගලයෙක් තම රැකියාවෙන් හෝ තමා සතු දේපළවලින් හෝ ව්‍යාපාරවලින් හෝ ලබන වාර්ෂික ආදායම කිසියම් සීමාවක් ඉක්මවන විට ඒ සඳහා අය කරන බදු මුදල ආදායම් බදු බව හැඳින්වීම
  • ආදායම් බදු සම්බන්ධ ගැටලුවක් විසඳන ආකාරය සාකච්ඡා කිරීම
  • ආදායම් බදු අය කරගනු ලබන්නේ දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුව විසින් බව හැඳින්වීම
  • කිසියම් භාණ්ඩයක් මිල දී ගැනීමේදී හෝ සේවාවක් ලබා ගැනීමේදී එහි මුළු වටිනාකමින් කිසියම් ප්‍රතිශතයක් ලෙස අයකර ගනු ලබන මුදල එකතු කල අගය මත බදු(VAT) බව හැඳින්වීම
  • එකතු කල අගය මත බදු සම්බන්ධ ගැටලුවක් විසඳන ආකාරය සාකච්ඡා කිරීම
  • මාස තුනක් යනු කාර්තුවක් බව හැඳින්වීම
  • කිසියම් පුද්ගලයෙකුගෙන් හෝ ආයතනයකින් ලබා ගත් ණය මුදලක් සඳහා කිසියම් කාලයකට පසු ගෙවීමට සිදුවන වැඩිපුර මුදල පොලිය බව හැඳින්වීම
  • බැංකුවක හෝ වෙනත් මූල්‍ය ආයතනයක් තැන්පත් කල මුදලක් සඳහා කිසියම් කාලයකට පසු වැඩිපුර ලැබෙන මුදල පොලිය බව හැඳින්වීම
  • පොලිය ප්‍රතිශතයක් ලෙස ගෙවන බව හෝ ලැබෙන බව හැඳින්වීම
  • පොලී ප්‍රතිශතය වාර්ෂික පොලී අනුපාතිකය ලෙස හඳුන්වන බව හැඳින්වීම
  • මුල් මුදල පමණක් සලකා පොලිය ගණනය සුළු පොලිය ලෙස හඳුන්වන බව හැඳින්වීම
  • කිසියම් මූල්‍ය ආයතනයකින් ණයට ගන්නා මුදල හෝ කිසියම් මූල්‍ය ආයතනයක තැන්පත් කරන මුදල මුල් මුදල ලෙස හඳුන්වන බව හැඳින්වීම
  • සුළු පොලිය සම්බන්ධ ගැටලු විසඳන ආකාරය සාකච්ඡා කිරීම
  • ප්‍රතිශත සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • පුනරාවර්තන වියදම් - Recurrent expenses
  • ඍජු බදු - Direct taxes
  • වක්‍ර බදු - Indirect taxes
  • වරිපනම් බදු - Rates
  • තීරු බදු - Customs duty
  • ආදායම් බදු -Income Tax
  • එකතු කල අගය මත බදු - Value added tax ( VAT )
  • රජයේ තක්සේරු දෙපාර්තුමේන්තුව - Valuation Department
  • මහා නගර සභා - Municipal councils
  • නගර සභා - Urban councils
  • පළාත් සභා - Provincial councils
  • ප්‍රාදේශීය සභා - Pradeshiya sabha
  • වාර්ෂික තක්සේරු අගය - Assessed annual value
  • ආනයනය - Import
  • අපනයනය - Export
  • ශ්‍රී ලංකා රේගු දෙපාර්තුමේන්තුව - Sri Lanka Customs Department
  • වාර්ෂික ආදායම - Annual income
  • දේශීය ආදායම් බදු දෙපාර්තුමේන්තුව - Inland Revenue Department
  • භාණ්ඩ - Products
  • සේවා - Services
  • කාර්තුව - Quarter
  • පොලිය - Interest
  • ණයට ගත් මුදල - Loan borrowed
  • කාලය - Time
  • මූල්‍ය ආයතන - Financial institutions
  • බැංකු - Banks
  • ප්‍රතිශතය - Percentage
  • වාර්ෂික පොලී අනුපාතිකය - Annual simple interest rate
  • මාසික සුළු පොලී අනුපාතිකය - Monthly simple interest rate
  • මුල් මුදල - Initial amount / Principal
  • ණය මුදලකින් නිදහස් වීමට - To settle a loan
  • මුළු මුදල - Total amount

Tags