ශීඝ්‍රතාව

පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල ශීඝ්‍රතාව පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • ඒකක කාලයක දී ගමන් කරන දුර ප්‍රමාණය වේගය ලෙස හැඳින්වීම
  • දුර, වේගය සහ කාලය අතර සම්බන්ධතා ඇතුලත් සූත්‍ර හැඳින්වීම
  • චලනය වන යම් වස්තුවක් ඕනෑම ඒකක කාලයක් තුළ ගමන් කරන දුර ප්‍රමාණය නියත නම් එම වස්තුවට ඇත්තේ ඒකාකාර වේගය හැඳින්වීම
  • වේගමානය සහ වේග සීමා හැඳින්වීම
  • පැයට කිලෝමීටර් තත්පරයට මීටර් වලින් දක්වන ආකාරය හැඳින්වීම
  • වේගය සහ දුර දුන්විට කාලය ගණනය කරන ආකාරය සාකච්ඡා කිරීම
  • දුම්රියක් පාලමක් පසුකර යාමට ගතවන කාලය, දුම්රියේ දිග, පාලමේ දිග සහ දුම්රියේ වේගය සම්බන්ධ ගැටලුවක් සාකච්ඡා කිරීම
  • මධ්‍යක වේගය හැඳින්වීම
  • මධ්‍යක වේගය සම්බන්ධ ගැටලුවක් සාකච්ඡා කිරීම
  • කිසියම් වස්තුවක් චලනය වන කාලය 𝑥 අක්ෂය ඔස්සේ සහ චලනය වන දුර ප්‍රමාණය 𝑦 අක්ෂය ඔස්සේ නිරූපණය කර අඳිනු ලබන ප්‍රස්තාර, දුර-කාල ප්‍රස්තාර බව හැඳින්වීම
  • දුර-කාල ප්‍රස්තාරයක අනුක්‍රමණය මගින් චලනය වන වස්තුවේ වේගය ලැබෙන බව හැඳින්වීම
  • දුර-කාල ප්‍රස්තාර සම්බන්ධ ගැටලුවක් සාකච්ඡා කිරීම
  • තත්පර එකක දී එක් රැස් වන ජල ප්‍රමාණය නියත අගයක් නම් කරාමයේ ජලය ඒකාකාර ශීඝ්‍රතාවය බව හැඳින්වීම
  • ශීඝ්‍රතාවයේ සම්මත ඒකකය තත්පරයට ලීටර බව හැඳින්වීම
  • පරිමාව වෙනස් වීමේ ශීඝ්‍රතාව, වෙනස් වූ පරිමාව සහ ගත වූ කාලය අතර සම්බන්ධතා ඇතුලත් සූත්‍ර හැඳින්වීම
  • පරිමාව සහ කාලය සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීම
  • ශීඝ්‍රතාව සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • දුර - Distance
  • වේගය - Speed
  • කාලය - Time
  • ඒකක කාලයක - Per unit of time
  • නියතය - Constant
  • වේගමානය - Speedometer
  • වේග සීමා - Speed limits
  • ඒකාකාර වේගය - Uniform speed
  • පැයට කිලෝමීටර් - Kilometres per hour
  • තත්පරයට මීටර් - Metres per second
  • මධ්‍යක වේගය - Average speed
  • දුර-කාල ප්‍රස්තාරය - Distance - Time graph
  • අනුක්‍රමණය - Gradient
  • පරිමාව - Volume
  • ඒකාකාර ශීඝ්‍රතාවය - Uniform rate
  • තත්පරයට ලීටර - Litres per second
  • පරිමාව වෙනස් වීමේ ශීඝ්‍රතාව - Rate of change of volume
  • වෙනස් වූ පරිමාව - Change of volume
  • ධාරිතාව - Capacity

Tags