ත්‍රිකෝණ අංගසාම්‍යය

පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල ත්‍රිකෝණ අංගසාම්‍යය පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • සරල රේඛීය තල රූප හැඳින්වීම
  • එකිනෙක සමපාත කළ හැකි තලරූප යුගලයක් අංගසම වන බව හැඳින්වීම
  • ත්‍රිකෝණ දෙකක් අංගසම බව දැක්වීමට සංකේතය '≡' යොදන බව හැඳින්වීම
  • ත්‍රිකෝණ දෙකක් අංගසම වන පා.පා.පා. අවස්ථාව හැඳින්වීම
  • ත්‍රිකෝණ දෙකක් අංගසම වන පා.කෝ.පා. අවස්ථාව හැඳින්වීම
  • පා.කෝ.පා. අවස්ථාවෙන් ත්‍රිකෝණ දෙකක් අංගසමවීමට සම්බන්ධ අන්තර්ගත කෝණය හැඳින්වීම
  • ත්‍රිකෝණ දෙකක් අංගසම වන කෝ.කෝ.පා. අවස්ථාව හැඳින්වීම
  • කෝ.කෝ.පා. අවස්ථාවෙන් ත්‍රිකෝණ දෙකක් අංගසමවීමට සම්බන්ධ අනුරූප පාදය හැඳින්වීම
  • ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක් අංගසම වන කර්ණ පා. අවස්ථාව හැඳින්වීම
  • අංගසම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වන බව හැඳින්වීම
  • ත්‍රිකෝණ දෙකක් අංගසම වන අවස්ථා සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම
  • ත්‍රිකෝණ අංගසාම්‍යය සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • සරල රේඛීය තල රූප - Plane figures
  • සමපාත - Coincide
  • අංගසම ත්‍රිකෝණ - Congruent triangles
  • අනුරූප පාදය - Corresponding side
  • අනුරූප කෝණය - Corresponding angle
  • පා.පා.පා. අවස්ථාව - Case SSS
  • පා.කෝ.පා. අවස්ථාව - Case SAS
  • කෝ.කෝ.පා. අවස්ථාව - Case AAS
  • කර්ණ පා.අවස්ථාව - Case RHS
  • අන්තර්ගත කෝණය - Included angle
  • අනුරූප අංග - Corresponding elements
  • බව පෙන්වන්න - Show that
  • ප්‍රතිමුඛ කෝණ - Vertically opposite angles
  • සාධනය කරන්න - Prove

Tags