නිර්මාණ

පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල නිර්මාණ පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • අචල ලක්ෂ්‍යයකට නියත දුරකින් පිහිටන ලක්ෂ්‍යවල පථය වෘත්තයක් බව හැඳින්වීම
  • අචල ලක්ෂ්‍ය දෙකකට සමදුරින් පිහිටන ලක්ෂ්‍යවල පථය ලම්භ සමච්ඡේදකය බව හැඳින්වීම
  • අචල රේඛාවකට නියත දුරකින් පිහිටි ලක්ෂ්‍යවල පථය එම සරල රේඛාවට සමාන්තරව එම නියත දුරින් සරල රේඛාව දෙපස පිහිටි සරල රේඛා දෙක බව හැඳින්වීම
  • ඡේදනය වන සරල රේඛා දෙකකට සමදුරින් පිහිටි ලක්ෂ්‍යවල පථය කෝණ සමච්ඡේදකය බව හැඳින්වීම
  • ලක්ෂ්‍ය දෙක අතර දුර යනු එම ලක්ෂ්‍ය දෙක යා කරන සරල රේඛා ඛණ්ඩයේ දිග බව හැඳින්වීම
  • ලක්ෂ්‍යයක සිට සරල රේඛාවකට දුර යනු එම ලක්ෂ්‍යයේ සිට රේඛාවට ඇති ලම්භ දුර බව හැඳින්වීම
  • සමාන්තර රේඛා දෙකක් අතර දුර යනු එක් සමාන්තර රේඛාවක් මත පිහිටි ඕනෑම ලක්ෂ්‍යයක සිට අනෙක් රේඛාවට ඇති ලම්භ දුර බව හැඳින්වීම
  • පාද තුනක් දී ඇති විට ත්‍රිකෝණ නිර්මාණය කරන ආකාරය
  • පාද දෙකක් සහ අන්තර්ගත කෝණය දී ඇති විට ත්‍රිකෝණ නිර්මාණය කරන ආකාරය
  • පාදයක් සහ කෝණ දෙකක් දී ඇති විට ත්‍රිකෝණ නිර්මාණය කරන ආකාරය
  • දී ඇති රේඛාවකට සමදුරින් පිහිටි සමාන්තර රේඛා යුගලයක් රේඛාව මත ලක්ෂ්‍ය දෙකක සිට එම රේඛාවට ලම්භ රේඛා නිර්මාණය කිරීම මගින් ඇඳීම
  • සරල රේඛාවකට බාහිරින් පිහිටි ලක්ෂ්‍යයක් හරහා එම රේඛාවට සමාන්තර රේඛාවක් අනුරූප කෝණ ඇසුරෙන් නිර්මාණය කරන ආකාරය
  • සරල රේඛාවකට බාහිරින් පිහිටි ලක්ෂ්‍යයක් හරහා එම රේඛාවට සමාන්තර රේඛාවක් ඒකාන්තර කෝණ ඇසුරෙන් නිර්මාණය කරන ආකාරය
  • සරල රේඛාවකට බාහිරින් පිහිටි ලක්ෂ්‍යයක් හරහා එම රේඛාවට සමාන්තර රේඛාවක් චාප ඇසුරෙන් නිර්මාණය කරන ආකාරය
  • නිර්මාණ සම්බන්ධ උදාහරණ සාකච්ඡා කිරීම
  • නිර්මාණ සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • අචල ලක්ෂ්‍යය - Fixed point
  • නියත දුර - Constant distance
  • සමදුරින් - Equidistant
  • ලම්භ සමච්ඡේදකය - Perpendicular bisector
  • අචල රේඛාව - Fixed line
  • සමාන්තරව - Parallel
  • දෙපස පිහිටි - On either side of
  • ඡේදනය වන සරල රේඛා - Intersecting straight lines
  • කෝණ සමච්ඡේදකය - Bisector of the angle / Angle bisector
  • වෘත්තය - Circle
  • සරල රේඛා ඛණ්ඩයක අන්ත ලක්ෂ්‍යය - End point of a straight line
  • කෝණය - Angle
  • ලම්භ රේඛාව - Perpendicular
  • රේඛාවකට බාහිර ව පිහිටි ලක්ෂ්‍යයක සිට - From an external point of a line
  • රේඛාව මත ලක්ෂ්‍යය - Point on a straight line
  • කෝණයක් පිටපත් කිරීම - Copy an angle
  • ලම්භ දුර - Perpendicular distance
  • පාද - Sides
  • අන්තර්ගත කෝණය - Included angle
  • ත්‍රිකෝණ - Triangles
  • ඒකාන්තර කෝණ - Alternate angles
  • අනුරූප කෝණ - Corresponding angles
  • චාප - Arcs
  • රේඛාව වෘත්තය හමුවන තෙක් දික් කර - Produce the line to meet the circle
  • ඍජුකෝණී ත්‍රිකෝණය - Right angled triangle

Tags