ප්‍රස්තාර

පාසැල් විෂය නිර්දේශයේ 10 ශ්‍රේණියට අදාල ප්‍රස්තාර පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත.

  • '𝑦 = 𝑚𝑥 + 𝑐' ආකාරයේ ශ්‍රිතයක ප්‍රස්තාරයක 𝑚 මගින් අනුක්‍රමණය දක්වන බවත් 𝑐 මගින් අන්තඃඛණ්ඩය දක්වන බවත් හැඳින්වීම
  • දී ඇති සරල රේඛීය ප්‍රස්තාරයක් '𝑦 = 𝑚𝑥 + 𝑐' ආකාරයේ ශ්‍රිතයක් ලෙස දැක්වීම
  • දී ඇති සරල රේඛීය ප්‍රස්තාරයක අනුක්‍රමණය සහ අන්තඃඛණ්ඩය සෙවීම
  • '𝑦 = 𝑚𝑥' ආකාරයේ ශ්‍රිතයක් ඇඳීමට අවශ්‍ය අගය වගුවක් සකස් කිරීම
  • පටිපාටිගත යුගල හැඳින්වීම
  • '𝑦 = 𝑚𝑥' ආකාරයේ ශ්‍රිතයක් ඇඳීම
  • ඇඳ ඇති රේඛීය ප්‍රස්තාරයක අනුක්‍රමණය සොයා ගන්නා ආකාරය හැඳින්වීම
  • දී ඇති ලක්ෂ්‍ය දෙකක් හරහා යන සරල රේඛාවක අනුක්‍රමණය සෙවීම
  • දී ඇති ලක්ෂ්‍ය දෙකක් හරහා යන සරල රේඛාවක සමීකරණය සෙවීම
  • සරල රේඛීය ප්‍රස්තාරයක අන්තඃඛණ්ඩය හා එම ප්‍රස්තාරය මත පිහිටි ලක්ෂ්‍යක ඛණ්ඩාංක දුන් විට සරල රේඛාවේ සමීකරණය සෙවීම
  • y = a𝑥² සහ y = a𝑥² + b ආකාරයේ ශ්‍රිතයක, 𝑥² හි සංගුණකය ධන නම්, ප්‍රස්තාරය අවම ලක්ෂ්‍යයක් සහිත පරාවලයක් බව හැඳින්වීම
  • y = a𝑥² සහ y = a𝑥² + b ආකාරයේ ශ්‍රිතයක, 𝑥² හි සංගුණකය ඍණ නම්, ප්‍රස්තාරය උපරිම ලක්ෂ්‍යයක් සහිත පරාවලයක් බව හැඳින්වීම
  • y = a𝑥² ආකාරයේ ශ්‍රිතයක, අවම ලක්ෂ්‍යයේ ඛණ්ඩාංක (0,0) බව හැඳින්වීම
  • y = a𝑥² ආකාරයේ ශ්‍රිතයක ශ්‍රිතයේ උපරිම හෝ අවම අගය 0 බව හැඳින්වීම
  • y = a𝑥² ආකාරයේ ශ්‍රිතයක ප්‍රස්තාරය 𝑦 අක්ෂය වටා සමමිතික බව හැඳින්වීම
  • y = a𝑥² ආකාරයේ ශ්‍රිතයක සමමිතික අක්ෂයේ සමීකරණය 𝑥 = 0 බව හැඳින්වීම
  • y = a𝑥² ආකාරයේ ශ්‍රිතයක 𝑥² හි සංගුණකය ධන නම් 𝑥 හි අගය ඍණව වැඩිවන විට ශ්‍රිතයේ අගය ධනව අඩු වන බව හැඳින්වීම
  • y = a𝑥² ආකාරයේ ශ්‍රිතයක 𝑥² හි සංගුණකය ධන නම් 𝑥 හි අගය ධනව වැඩිවන විට ශ්‍රිතය ධනව වැඩි වන බව හැඳින්වීම
  • y = a𝑥² ආකාරයේ ශ්‍රිතයක 𝑥² හි සංගුණකය ඍණ නම් 𝑥 හි අගය ඍණව වැඩිවන විට ශ්‍රිතයේ අගය ඍණව වැඩි වන බව හැඳින්වීම
  • y = a𝑥² ආකාරයේ ශ්‍රිතයක 𝑥² හි සංගුණකය ඍණ නම් 𝑥 හි අගය ධනව වැඩිවන විට ශ්‍රිතය ඍණව අඩු වන බව හැඳින්වීම
  • y = a𝑥² සහ y = a𝑥² + b ආකාරයේ ශ්‍රිතයක ප්‍රස්තාරය ඇඳීමට අගයන් තෝරා ගැනීමේදී 𝑥² හි සංගුණකය භාගයක් වන විට හරය සමඟ සුළු වන අගයන් 𝒙 ට තෝරා ගැනීම ප්‍රස්තාරය ඇඳීමට පහසු බව හැඳින්වීම
  • y = a𝑥² ආකාරයේ ශ්‍රිතයක 𝑥² හි සංගුණකය ධන වන විට එම ධන අගය වැඩිවීම හෝ අඩුවීම අනුව ප්‍රස්තාරයේ හැඩයේ සිදුවන වෙනස සාකච්ඡා කිරීම
  • y = a𝑥² ආකාරයේ ශ්‍රිතයක 𝑥² හි සංගුණකය ඍණ වන විට එම ධන අගය වැඩිවීම හෝ අඩුවීම අනුව ප්‍රස්තාරයේ හැඩයේ සිදුවන වෙනස සාකච්ඡා කිරීම
  • y = a𝑥² + b ආකාරයේ ශ්‍රිතයක අවම ලක්ෂ්‍යයේ ඛණ්ඩාංක (0,b) බව හැඳින්වීම
  • y = a𝑥² + b ආකාරයේ ශ්‍රිතයක ශ්‍රිතයේ උපරිම හෝ අවම අගය b බව හැඳින්වීම
  • y = a𝑥² + b ආකාරයේ ශ්‍රිතයක ප්‍රස්තාරය 𝑦 අක්ෂය වටා සමමිතික බව හැඳින්වීම
  • y = a𝑥² + b ආකාරයේ ශ්‍රිතයක සමමිතික අක්ෂයේ සමීකරණය 𝑥=0 බව හැඳින්වීම
  • y = a𝑥² + b ආකාරයේ ශ්‍රිතයක 𝑥² හි සංගුණකය ඍණ නම්, ශ්‍රිතය ඍණව අඩුවන විට 𝑥 හි අගය පරාසය සාකච්ඡා කිරීම
  • y = a𝑥² + b ආකාරයේ ශ්‍රිතයක 𝑥² හි සංගුණකය ඍණ නම්, ශ්‍රිතය ධනව වැඩිවන විට 𝑥 හි අගය පරාසය සාකච්ඡා කිරීම
  • y = a𝑥² + b ආකාරයේ ශ්‍රිතයක 𝑥² හි සංගුණකය ඍණ නම්, ශ්‍රිතය ධනව අඩුවන විට 𝑥 හි අගය පරාසය සාකච්ඡා කිරීම
  • y = a𝑥² + b ආකාරයේ ශ්‍රිතයක 𝑥² හි සංගුණකය ඍණ නම්, ශ්‍රිතය ඍණව වැඩිවන විට 𝑥 හි අගය පරාසය සාකච්ඡා කිරීම
  • y = a𝑥² + b ආකාරයේ ශ්‍රිතයක 𝑥² හි සංගුණකය ධන නම්, ශ්‍රිතය ධනව අඩුවන විට 𝑥 හි අගය පරාසය සාකච්ඡා කිරීම
  • y = a𝑥² + b ආකාරයේ ශ්‍රිතයක 𝑥² හි සංගුණකය ධන නම්, ශ්‍රිතය ඍණව අඩුවන විට 𝑥 හි අගය පරාසය සාකච්ඡා කිරීම
  • y = a𝑥² + b ආකාරයේ ශ්‍රිතයක 𝑥² හි සංගුණකය ධන නම්, ශ්‍රිතය ඍණව වැඩිවන විට 𝑥 හි අගය පරාසය සාකච්ඡා කිරීම
  • y = a𝑥² + b ආකාරයේ ශ්‍රිතයක 𝑥² හි සංගුණකය ධන නම්, ශ්‍රිතය ධනව වැඩිවන විට 𝑥 හි අගය පරාසය සාකච්ඡා කිරීම
  • 𝑦 = a𝑥² + b ආකාරයේ ශ්‍රිතයක ප්‍රස්තාරය ඇසුරෙන් a𝑥² + b = 0 ආකාරයේ සමීකරණයක මූල ප්‍රස්තාරය මත 𝑦 = 0 දී 𝑥 අක්ෂය ඡේදනය වන ස්ථාන අනුව සෙවිය හැකි බව හැඳින්වීම
  • ප්‍රස්තාර සම්බන්ධ ගැටලු කිහිපයක් සාකච්ඡා කිරීම

වචන මාලාව (Glossary) 

  • ඛණ්ඩාංක තලය - Coordinate plane
  • සමීකරණය - Equation
  • ශ්‍රිත - Functions
  • රාශී - Quantities
  • ඒකජ ශ්‍රිතය - Linear Function
  • ස්වායත්ත විචල්‍යය - Independent variable
  • අගය වගුව - Table of values
  • පටිපාටිගත යුගල - Ordered pairs
  • අනුක්‍රමණය - Gradient
  • සම්බන්ධය - Relationship
  • අන්තඃඛණ්ඩය - Intercept
  • සරල රේඛීය ප්‍රස්තාරය - Graph of the straight line
  • 𝑦 ඛණ්ඩාංක අතර වෙනස - The difference between 𝑦 coordinates
  • 𝑥 ඛණ්ඩාංක අතර වෙනස - The difference between 𝑥 coordinates
  • ලක්ෂ්‍ය දෙකක් හරහා යන සරල රේඛාව - The straight line passes through two points
  • සංගුණකය - Coefficient
  • සිරස් - Vertical
  • තිරස් - Horizontal
  • රේඛා දෙක ඡේදනය වන ලක්ෂ්‍යය - The point of intersection of two lines
  • ධනව වැඩිවන - Increases positively
  • ඍණව අඩුවන - Decreases negatively
  • අගය පරාසය - Interval of values
  • මූල - Roots
  • සමමිතික අක්ෂයේ සමීකරණය - Equation of the axis of symmetry
  • 𝑦 අක්ෂය වටා සමමිතික - Symmetric about the y - axis
  • උපරිම ලක්ෂ්‍යය - Maximum point
  • අවම අගය - Minimum value
  • අවම ලක්ෂ්‍යයේ ඛණ්ඩාංක - Coordinates of the minimum point
  • ප්‍රස්තාරයේ හැඩය -Shape of the graph
  • භාගය - Fraction
  • හරය - Denominator
  • පරාවලය - Parabola
  • හැරුම් ලක්ෂ්‍යය / වර්තන ලක්ෂ්‍යය - Turning point
  • ලක්ෂණ - Properties

Tags